SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

An acceleration of a divide in the Australian community due to wealth gap: Explainer April 23 - මුදල් ඇති නැති පරතරය ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුළ බෙදීමක් ඇති කළ හැකි තරමට ප්‍රබලයි: කාලීන විග්‍රහය අප්‍රේ.23

4/22/2024
Nearly half of the value of assets owned by all Austrian Lianian nationals, a survey has found that the richest 10 per cent of Australian families own. The big gap between the wealthiest people and the least financially able is clearly visible here. Find out more about this in our current information section. - සියළු ඔස්ට්‍රේ ලියානු ජාතිජයන්ට හිමි වත්කම්වල වටිනාකමින් අඩකට ආසන්න ප්‍රමාණයක්, ධනවත්ම ඕස්ට්‍රේලියානු පවුල් සියයට 10 සතුව ඇති බව සමීක්ෂණයකින් සොයා ගෙන තියෙනව. මෙහිදී වඩාත් ධනවත් පිරිස සහ අවම මූල්‍ය හැකියාවක් ඇති පිරිස් අතර ඇති විශාල පරතරය හොදින් පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා

Duration:00:06:45

Ask host to enable sharing for playback control

Maithripala sold the party to avoid lawsuits, says Duminda Dissanayake: Homeland news 23 - නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල පක්ෂේ විකුණුවා, දුමින්ද දිසානායක කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේ 23

4/22/2024
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:08:38

Ask host to enable sharing for playback control

Police have made further arrests over the riot incidents after the stabbing of a priest: News Flash 23 April - සිඩ්නි දේවස්ථානයේ සිදුවීමෙන් පසු ප්‍රචණ්ඩත්වය ඇතිකළ අය අත්අඩංගුවට ගැනීම් තවදුරටත්: News Flash අප්‍රේල් 23

4/22/2024
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Tuesday 23 April 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 23 අඟහරුවාදා SBS සිංහල News Flash

Duration:00:06:23

Ask host to enable sharing for playback control

Do you get angry for no reason as winter approaches? Or feel like being alone? Then know about this too - ශීත කාලය ලංවෙද්දී හේතුවක් නැතුව තරහ යනවද? නැත්නම් තනියම ඉන්න හිතෙනවද? එහෙනම් මේ ගැනත් දැනගන්න

4/22/2024
SBS Sinhala discussion on What is Seasonal Affective Disorder (SAD) & how it affects to the daily life? - මේ වනවිට ඔස්ට්‍රේලියාවට ක්‍රම ක්‍රමයෙන් ශීත සෘතුව ළඟා වෙමින් තිබේ. මෙම කාලය තුලදී පුද්ගලයින්ට යම් ආකාරයට මානසික අවපීඩන තත්වයක් ඇතිවීමේ හැකියාවක් තිබෙන අතර එය Seasonal Affective Disorder තත්වයක් වීමේ හැකියාවක් තිබීම හේතුවෙන් ඒ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

Duration:00:18:15

Ask host to enable sharing for playback control

How to find a job in Australia? - ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඉක්මනින්ම රැකියාවක් සොයා ගන්නේ කොහොමද?

4/22/2024
In Australia, most job opportunities aren't openly advertised, so to find work, we must understand the Australian labour market and create our own opportunities. Tapping into the hidden job market and learning about migrant employment services can help break down the barriers to employment. - ඕස්ට්‍රේලියාවේ, බොහෝ රැකියා අවස්ථා විවෘතව ප්‍රචාරය නොකෙරේ, එබැවින් රැකියාවක් සොයා ගැනීමට, අපි ඕස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළ තේරුම් ගෙන අපගේම අවස්ථා නිර්මාණය කළ යුතුය. සැඟවුණු රැකියා වෙළඳපොළට අවධානය යොමු කිරීම සහ සංක්‍රමණික රැකියා සේවා පිළිබඳ ඉගෙනීම රැකියා සඳහා ඇති බාධක යම් ප්‍රමාණයකට ඉවත්කරගැනීමට උපකාරී වේ.

Duration:00:10:15

Ask host to enable sharing for playback control

Australia's first homebuyers to settle for smaller houses or units instead of their dream homes. - තම සිහින නිවහන වෙනුවට කුඩා නිවාස මිලදී ගන්න ඕස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම් කරුවන් ගැන විස්තරය මෙන්න.

4/22/2024
Australia's extremely high house prices have made it difficult for first-time home buyers. Here, many people find it difficult to save the initial deposit required to buy a house without the help of parents or others. Despite this difficult situation, some first home buyers have managed buy their first home. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ පවතින ඉතා ඉහල නිවාස මිල ගණන් හේතුවෙන් තම පළමු නිවස මිලදී ගන්නන් සඳහා ඉතා අසීරු තත්වයක් ඇති වී තිබේ. මෙහිදී බොහෝ දෙනාට දෙමාපියන්ගේ හෝ වෙනත් අයගේ උදව් නොමැතිව නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය මූලික තැම්පතුව ඉතිරි කරගැනීමේ අපහසු තාවයක් පවතී. මේ අසීරු තත්වය හමුවේ උවද සමහර පළමු නිවාස ගැනුම් කරුවන් තමන්ට අවශ්‍ය මූලික තැම්පතුව ඉතිරිකර ගැනීමට කටයුතු කර තිබෙනවා.

Duration:00:05:35

Ask host to enable sharing for playback control

Gotabhaya informed me the Easter investigation report cannot be implemented due to some matters,Cardinal says - දන්න බොහෝ අයට කරදර වන නිසා පාස්කු විමර්ශන වාර්තාව ක්‍රියාත්මක කරන්න බැරි බව ගෝඨාභය කී බව කාදිනල් කියයි

4/21/2024
Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports from Sri Lanka - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

Duration:00:23:06

Ask host to enable sharing for playback control

Elon Musk's 'X' refuses to remove sensitive footage of Bondi stabbing: News Flash 22 April - සිඩ්නි හි පිහි ඇනුමේ සංවේදී දර්ශන ඉවත් කිරීමට Elon Musk ගේ 'X' සමාගම ප්‍රතික්ෂේප කරයි: News Flash අප්‍රේල් 22

4/21/2024
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Monday 22 April 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 22 සඳුදා SBS සිංහල News Flash

Duration:00:05:48

Ask host to enable sharing for playback control

Legal actions are to be taken against spreading false information through social media:Explainer April.22 - සමාජමාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට සුදානම්: කාලීන විග්‍රහය අප්‍රේ.22

4/21/2024
The government's misinformation bill - shelved last year - is back on the agenda in the wake of two stabbing attacks in Sydney.The incidents saw graphic images and false information spread on social media. Both the government and opposition argue social media companies are not above Australian law, and they'll work together to deal with companies that fail to remove harmful material. Here we bring more on this in our current affairs Explainer. - පසුගියදා සිඩ්නිහි සිදු වූ පිහි ඇනුම් සිද්ධි දෙකත් සමග 2023 වසරේ අත්හිටුවනු ලැබූ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත වෙත නැවතත් අවධානය යොමු වී තිබෙනවා. සමාජ මාධ්‍යවල මෙම සිදුවීම් අලලා ග්‍රැෆික් පින්තූර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වුණා. ඕස්ට්‍රේලියානු නීතිය අභිබවා සමාජ මාධ්‍ය සමාගම්වලට කටයුතු කළ නොහැකි බව ආන්ඩුව සහ විපක්ෂය පෙන්වා දෙනවා. මෙම සිද්ධින් සම්බන්ධයෙන් පළවන හානිකර අසත්‍ය තොරතුරු, තම සමාජ මාධ්‍ය තුළින්, ඉවත් කිරීමට අපොහොසත් වන සමාගම්වලට එරෙහිව පියවර ගැනීමට ඔවුන් එක්ව කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:08:51

Ask host to enable sharing for playback control

Why SL government is afraid of the Anti-corruption program? - SM Marikkar: Homeland news 19 - දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙලට රජය මෙච්චර බය ඇයි, S .M මරික්කාර් ප්‍රශ්න කරයි: මවුබිමෙන් පුවත් අප්‍රේ 19

4/18/2024
Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:09:16

Ask host to enable sharing for playback control

Another person confronted in Sydney Bondi stabbing incident gets Australian citizenship: News Flash 19 April - සිඩ්නි බොන්ඩායි පිහිඇනුම වැලක්වීමට දායකවූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේ: News Flash අප්‍රේල් 19

4/18/2024
Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 19 April 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 19 වන සිකුරාදා SBS සිංහල News Flash

Duration:00:06:23

Ask host to enable sharing for playback control

There are requests for Australians to visit ATMs and withdraw cash: Explainer April 16 - ATM එකකින් එක cash withdrawal එකක්වත් කරන ලෙස ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්: කාලීන විග්‍රහය අප්‍රේල් 19

4/18/2024
The amount of currency notes and coins circulating in Australia is gradually decreasing. An online petition called 'Draw Out Some Cash Day' was started as a protest against this situation. It is reported that there are 100 billion dollar notes, but only 10 billion are used. Listen to SBS explainer for more information. - ඕස්ට්‍රේලියාව තුල සංසරණය වන මුදල් නෝට්ටු සහ කාසි ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. මේ තත්වයට විරෝධය පෑමක් ලෙස Draw Out Some Cash Day’ නමින් අර්තර්ජාල පෙත්සමක් ආරම්භ වී තිබුනා. ඩොලර් බිලියන 100ක මුදල් නෝට්ටු තිබුණත් භාවිතා වෙන්නේ බිලියන 10ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 19 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Duration:00:07:11

Ask host to enable sharing for playback control

Cricket Selection Committee decide to choose the final T20 squad from a domestic T20 tournament: Sports Wrap - දේශීය T20 තරඟාවලියකින් අවසන් T20 සංචිතය තෝරන්න ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරයි: ක්‍රීඩා විග්‍රහය

4/18/2024
SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

Duration:00:10:50

Ask host to enable sharing for playback control

As India heads to a world's biggest election Dubai floods suspected to be result of Cloud Seeding: World News - ඉන්දියාව ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට යද්දී ඩුබායි වැස්ස වැරදුන කෘතීම වැස්සක් දැයි සැකයක්: ලොව වටා

4/18/2024
listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

Duration:00:13:48

Ask host to enable sharing for playback control

Proposals for the government to streamline visa process for foreign workers for the construction industry - ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය සඳහා විදෙස් ශ්‍රමිකයින්ට කඩිනමින් වීසා දෙන්න රජයට යෝජනා

4/18/2024
Australia is currently facing a very severe housing crisis. Here, the government has also submitted a proposal to build houses very quickly. However, if the government's target is to be reached, experts are of the opinion that the severe labour shortage in Australia's construction sector will affect it. It has also been proposed to bring a large number of foreign workers to Australia. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාව මේ වනවිට ඉතා දැඩි නිවාස අර්බුදයකට මුහුණ දී තිබේ. මෙහිදී රජය විසින් ඉතා කඩිනමින් නිවාස ඉදිකිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ. කෙසේ උවත් රජයේ ඉලක්කයට ළඟාවීමට නම් ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ පවතින අධික ශ්‍රම හිඟය බලපානු ඇති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. මෙහිදී ඉතා විශාල විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමටද යෝජනා වී තිබේ.

Duration:00:04:59

Ask host to enable sharing for playback control

Plant based milk to replicate the taste, feel and nutritional value of cow's milk - නැවුම් එළකිරි වෙනුවට රසින් සහ ගුණයෙන් ඊට ඉතා සමාන ශාකමය කිරි, විද්‍යාගාර තුළ බිහි වෙන ආකාරය දැන ගන්න

4/17/2024
Fresh cow's milk is the type of milk consumed by most people in the world. For those who are allergic to this fresh goat milk, or consume the vegan group that does not use animal foods, we are also able to buy many other types of milk on the market. A, ALMOND MILK, SOY MILK, MILK PRODUCED FROM PLANT DERIVATIVES LIKE. But the taste of these is different. For this reason, scientists are testing to produce all the properties of plant-based milk, including the taste of fresh cow's milk. This news will be good news for vegans and those who like the taste of goat milk but find it difficult to drink. We are ready to talk about that today. Joining us for this today is the Biotechnology Scientist Dr. Don Menavi - නැවුම් එළකිරි කියන්නේ ලෝකයේ වැඩි පිරිසක් දෙනා භාවිතා කරන කිරි වර්ගය කියල. මේ නැවුම් එළකිරි වලට ආසාත්මිකතා ඇති අය, එහෙමත් නැත්නම් සත්ත්ව ආහාර භාවිතා නොකරන වීගන් පිරිසට පරිභෝජනය කරන්න, වෙළදපලේ වෙනත් කිරි වර්ග බොහොමයක් මිළදී ගන්නටත් අපට හැකියාව තියෙනවා. ඒ, ආමන්ඩ් මිල්ක්, සොයි මිල්ක්, වගේ ශාක අනුසාරයෙන් නිෂ්පාදනය කළ කිරි. නමුත් මේවාගෙ රසය වෙනස්. මේ නිසා විද්‍යාඥයන් ශාක අනුසාරයෙන් නිපදවන කිරි වල රස ඇතුළු සියළු ගුණාංග නැවුම් එළකිරි විදියටම නිපදවන්න පරීක්ෂණ කරමින් ඉන්නවා. මේ පුවත වීගන් අයට සහ එළකිරි රසයට කැමති නමුත් පානය කරන්නට අපහසු අයට හොද පුවතක් වේවි. ඒ පිළිබද අපි අද කතාබහ කරන්නට සූදානම්. මේ සදහා අද අපත් සමග එකතු වෙනවා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශශිකා යාලගේ දොන් මෙනවිය

Duration:00:08:00

Ask host to enable sharing for playback control

Youth Curfew imposed in Nothern Territory has been lifted: Explainer Apr. 18 - Nothern Territory හි තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන්: කාලීන විග්‍රහය අප්‍රේ.18

4/17/2024
The Youth curfew that has been imposed on the Alice Springs region in Northern Territory has come to an end. The youth curfew was introduced on March 27 in the wake of a series of violent incidents, including an attack on an Alice Springs pub and a brawl involving up to 150 people. It meant between 6 pm to 6 am, young people under the age of 18 couldn't enter the CBD without a "lawful purpose" Here we bring the mixed responses on the ending of the Youth Curfew in NT on our Current Affair Explainer today - ඔස්ට්‍රේලියානු උතුරු ටෙරිටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයට පනවලා තිබූණු youth curfew තත්ත්වය අවසන් කරල තියෙනව. මාර්තු 27 වෙනිද මෙම පැනව ූ youth curfew තත්ත්වය ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවක් නිසා පනවා තිබෙනවා. මෙම youth curfew තත්ත්වය හවස 6 සිට උදේ 6 දක්වා, වයස අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සදහා බලපාන පරිදි පනවා තිබුණා. ඒ යටතේ නීත්‍යානුකූල නොවන ක්‍රියා සදහා central business district වෙත ඇතුළු වීම තහනම් වුවා. මේ විදියට nothern teritory හි ක්‍රියාත්මක වුණ මේ තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන් කිරීම පිළිබඳව එකිනෙකා දක්වපු මිශ්‍ර ප්‍රතිචාර අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:08:23

Ask host to enable sharing for playback control

'I didn't take a penny from anyone' says former President Maithripala: Homeland News April 18 - 'මම කාගෙන්වත් සතයක්වත් අරන් නැහැ' හිටපු ජනපති මෛත්‍රිපාල කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේල් 18

4/17/2024
SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Duration:00:09:02

Ask host to enable sharing for playback control

Bondi Westfield Shopping Mall will reopen to the public today: News Flash 18 April - බොන්ඩායි Westfield සාප්පු සංකීර්ණය අද දිනයේ නැවතත් මහජනතාවට විවෘත කෙරේ: SBS සිංහල පුවත් අප්‍රේල් 18

4/17/2024
Australia news in Sinhala, foreign and sports news in brief - listen, Thursday 18 April 2024 SBS Sinhala Radio News Flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash

Duration:00:06:08

Ask host to enable sharing for playback control

Here are the job sectors that are most likely to be affected if Australia faced a recession - ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් ඇතිවුවහොත් වැඩිම බලපෑමක් එල්ලවන රැකියා ක්ෂේස්ත්‍ර මෙන්න

4/17/2024
Due to the current global economic situation, Japan and England have faced an economic recession. In view of the current situation, Australia is also at risk of going into an economic recession. Listen to SBS Sinhala discussion to learn more about the job sectors that will be most affected and what you should do to prepare for a situation like this. - වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්වය හේතුවෙන් ජපානය සහ එංගලන්තය මේවනවිට ආර්ථික අවපාතයකට මුහුණ දී තිබෙනවා. පවතින තත්වය හමුවේ ඕස්ට්‍රේලියාවද ආර්ථික අවපාතයකට යාමේ යම් අවදානමක් පවතිනවා. මෙහිදී වැඩි වශයෙන්ම බලපෑමට ලක්වන රැකියා ක්ෂේස්ත්‍ර සහ එවැනි තත්වයකට ඔබ සූදානම් වීමට කලයුතු දේ පිලිබඳ දැනුවත්වීම සඳහා සවන්දෙන්න SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට.

Duration:00:12:47