
SBS Sinhala
SBS (Australia)
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Location:
Sydney, NSW
Networks:
SBS (Australia)
Description:
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Language:
Sinhala
Contact:
SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828
Episodes
මව්බිමෙන් පුවත් - සැප් 29: අධ්‍යාපනය දේශපාලනීකරණය කර ඇතැයි මෛත්‍රී කවියෙන් විරෝධය පායි
9/28/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:08:57
කසළ දමන හරි බඳුන අඳුනා ගන්නේ කොහොම ද?
9/28/2025
ඕස්ට්‍රේලියාවේ චක්‍රීය ආර්ථිකය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දර්ශනසූරී පර්යේෂිකාවක සහ වික්ටෝරියා හි Warrnambool නගර සභාවේ තිරසර සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන කරිෂ්මා දොන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
Duration:00:10:28
ඔස්ට්‍රේලියාවේ සිදුවන ඉස්ලාම් විරෝධී ක්‍රියා මැඩලීමට නිර්දේශ 54කින් යුත් වාර්තාවක්: කාලීන විග්‍රහය
9/28/2025
ඉස්ලාම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ක්‍රියාමාර්ග ගතයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා. 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදායින් පසුව ඉස්ලාම් විරෝධී ක්‍රියා විශාල වශයෙන් ඉහල ගොස් ඇතිබව Islamophobia Register Australia සංවිධානය පවසනවා.
Duration:00:08:48
SBS සිංහල Newsflash සැප් 29: ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පියයුරු පිළිකා ටෲකාප් ප්‍රතිකාරය ඔක් 1 දා සිට ඇතුළත්
9/28/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:19
මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 22 - සැප් 26
9/26/2025
සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 26 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
Duration:00:05:44
'ඕස්ට්‍රේලියාව අපිට අලුත් අවස්ථා උදා කළා' - නව පුරවැසිභාවය ලැබූ ඉසුරු, ගිහාන් සහ ඇමෙන්ඩා සමඟ කතාබහක්
9/25/2025
උපතින් ලැබූ පුරවැසිභාවය වෙනුවට තෝරාගැනීමෙන් පුරවැසිභාවයට ලබාගැනීම අභියෝගාත්මක, දුෂ්කර හා තීරණාත්මක මෙන්ම සංවේදී ගමනක්. ඒ ගමන සාර්ථකව අවසන් කළ තිදෙනෙකු සමඟ කළ මේ කතාබහට සවන්දෙන්න.
Duration:00:10:45
මව්බිමෙන් පුවත් - සැප් 26: ‘දූෂණයට එරෙහි සටන භයානකයි, සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි’ ජනපති ජගත් සමුළුවේ දී
9/25/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:09:05
IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය
9/25/2025
Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි..
Duration:00:08:32
ක්‍රීඩා විග්‍රහය: 'පිට්ටනිය පිරෙන්න අපේ තරඟ බලන්න එන්න' - චමරි අතපත්තු
9/25/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:08:58
SBS සිංහල Newsflash සැප් 26: සංක්‍රමණ විරෝධී ප්‍රකාශයක් නිසා ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයකුට විවේචන එල්ල වේ
9/25/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 26වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:32
'Triple zero' හදිසි ඇමතුම් සේවා බිඳවැටීම ගැන Optus ආයතනයට දෝෂාරෝපණ එල්ලවේ: කාලීන විග්‍රහය
9/25/2025
Optus සමාගමේ පාරිභෝගිකයින්ට ඔස්ට්‍රේලියාවේ හදිසි සේවා ඇමතුම් අංකය වන '000' ඇමතීමේ හැකියාව යම් කාලයකට අහිමි වී ගොස් තිබෙනවා. සේවා බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙනවා. සේවා බිඳ වැටීම් සිදුවූ මෙම කාලය තුල හදිසි ඇමතුම් 600ක් පමණ ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. පැය 13ක් පමණ මෙම සේවා බිඳවැටීම පැවතී ඇති බව වාර්තා වනවා
Duration:00:08:16
'ලොව වටා': ගුවන් යානක රෝද තුල සැඟවී දිල්ලි ආ ඇෆ්ගන් දරුවා
9/24/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Duration:00:09:18
SBS සිංහල Newsflash සැප් 25: ඔප්ටස් ආයතනයට ඩොලර් මිලියන 100ක දඩ මුදලක් නියම වේ
9/24/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 25වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:39
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සිඩ්නි නුවර නීතිඥයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
9/24/2025
විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නීතිඥවරයෙක්. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.
Duration:00:12:10
SBS සිංහල Newsflash සැප් 24: NSW පාසල් සිසුන්ට ගෙදරවැඩ කරන්න AI යොදාගන්න අවසර
9/23/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:53
Bandi Chhor Diwas explained: How do Australia's 210,000 Sikhs celebrate the festival? - ඕස්ට්‍රේලියාවේ 210,000 ක් පමණ වන සික් ජාතිකයින් සමරන බන්ඩි චෝර් දිවාස් ගැන දන්නවා ද?
9/23/2025
Coinciding with Diwali, Bandi Chhor Diwas is a day when Sikhs celebrate freedom and enlightenment through many social and cultural traditions. Here's everything you need to know. - දීපවාලි උත්සවයට සමගාමීව පැවැත්වෙන බන්ඩි චෝර් දිවාස් යනු සික් ජාතිකයින් විවිධ සමාජ හා සංස්කෘතික සම්ප්‍රදායන් මගින් නිදහස සහ ඥානාලෝකය සමරන දිනයකි. ඒ පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.
Duration:00:11:00
SBS සිංහල Newsflash සැප් 23: 'නිවාස සැපයුම් අර්බුදයට විසඳුම් තවමත් දුරස්ථයි' ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිනිය
9/22/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Duration:00:05:35
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස ඕස්ට්‍රේලියාව පිලිගද්දී, ඊශ්‍රායල අගමැති අනතුරු අඟවයි : කාලීන විග්‍රහය
9/22/2025
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පලස්තීන රාජ්‍යයක් නිල වශයෙන් පිළිගැනීම සඳහා ඕස්ට්‍රේලියාව - කැනඩාව, පෘතුගාලය සහ එක්සත් රාජධානිය සමඟ එක්වී තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් මෙම ප්‍රකාශය සිදු කරන ලද අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම රටවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Duration:00:09:43
How do you legally change your name in Australia? - ඕස්ට්‍රේලියාවේදී ඔබේ නම නීත්‍යානුකූලව වෙනස් කරන්නේ කෙසේද: Australia Explained
9/22/2025
Choosing to legally change your name is a significant life decision that reflects your personal circumstances. Each year, tens of thousands of Australians lodge an application through the Registry of Births, Deaths & Marriages. If you’re considering a change of name, this episode takes you through the process. - ඔබේ නම නීත්‍යානුකූලව වෙනස් කිරීමට තෝරා ගැනීම ඔබේ ජිවිතයේ ගන්නා වැදගත් තීරණයක් වශයෙන් දැක්විය හැකියි. කෙසේ නමුත්, සෑම වසරකම දස දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් තම නවම වෙනස් කිරීම සිදු කරයි මේ පිළිබඳව දැනගතයුතු තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.
Duration:00:11:25
දරුවන් වෙනුවෙන් සාමය රැක ගනිමු - ජාත්‍යන්තර සාම දින විශේෂාංගය
9/21/2025
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනිදා ට යෙදෙනවා. ඒ වෙනුවෙන් SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන්දෙන්න.
Duration:00:12:03