The Loku Effect-logo

The Loku Effect

Media & Entertainment Podcasts

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.

Location:

Sri Lanka

Description:

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.

Language:

Sinhala

Contact:

0761298660


Episodes
Ask host to enable sharing for playback control

#63 - Kingdom of Heaven (2004) Sinhala Review by Deen

9/8/2023
ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)

Duration:00:49:00

Ask host to enable sharing for playback control

#62 - The Boy in Striped Pajamas (2008) Sinhala Review By Deen

11/30/2021
The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා. www.facebook.com/thelokueffect

Duration:00:40:41

Ask host to enable sharing for playback control

#61 - INCEPTION (2010) with Chanaka Colombage

11/20/2020
INCEPTION (2010) සාකච්ඡාව with Chanaka Colombage---------------------------------------------------------------------- මං විශ්වාස කරන විදියට ලංකාවේ හොලිවුඩ් ෆිල්ම් වලට ආදරය කරන පිරිසෙන් Christopher Nolan ගේ 2010 release වෙච්ච INCEPTION ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම පුදුමයක් කාරණාවක් වෙයි. ඒකට කමක් නැහැ, එහෙම අසාමාන්‍ය කවුරුහරි ඉන්නවනම් ලැජ්ජවෙන්න එපා, දැන්මම ගිහින් INCEPTION ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එකක්. ගොඩ කාලෙකට කලින් බලලා අමතක වෙලා වගේ නම් ආපහු බලලම චානක කොළඹගේත් එක්ක කරපු මේ Episode එක අහන්න. චානක, "සිනමාවේදීන් - The Cinema People" ෆේස්බුක් ගෘප් එකට INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එකටත් හොද ප්‍රතිචාර හම්බවෙලා තිබ්බා. පුලුවන්නම් චානකගේ ඒ ආටිකල් එකත් කියවලම මේ Episode එක අහන්න කියලා කට්ටියට ආරාධනා කරනවා. චානක මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවකට එකතුවෙන හතරවෙනි වතාව මේක. අපි මීට කලින් Memento, Donny Darko, Interstellar වගේ චිත්‍රපටි විචාරය කරන්නත් එකතුවුනා. ඉතින් ඒ ෆිල්ම් වුත් බලලා තියෙනවනම් ඒ Episode ටිකත් අහන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා. චානක මේ සියලුම Episode සදහා දක්වපු උනන්දුව සහ කැපවීම ගැනත් මං චානකට ස්තුතියි වන්ත වෙනවා. එහෙනම් කට්ටියම INCEPTION ෆිල්ම් එක ගැන කරපු මේ සාකච්ඡාව අහලා, ඇහුවට පස්සේ එන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා. -------------------------------------------------------------------- චානක, "සිනමාවේදීන්" ගෘප් එකේ පළකරපු INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එක කියවන්න https://www.facebook.com/groups/thecinemapeople/permalink/1328784424128621

Duration:22:48:07

Ask host to enable sharing for playback control

#60 - "Dekala Purudu Kenek - 2019" with Ruwishan Vimukthi

11/4/2020
"දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපට සංවාදය with Ruwishan Vimukthi-------------------------------------------------------------- "The ලොකු Effect Podcast" එකේ 60 වෙනි Episode එකෙන් තවත් ලස්සන සිංහල චිත්‍රපටියක් අරගෙන මාත් එක්ක සාකච්ඡාවකට එකතුවෙන්නේ රුවිෂාන් විමුක්ති. 2019 නිකුත් වෙච්ච, මලිත් හෑගොඩ අධ්‍යක්ෂණයෙන් දායක වුන "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටය තමයි අපි මේ episode එකෙන් සාකච්ඡා කරන්නේ. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ මේ Episode එකෙන් අපි මේ ෆිල්ම් එකේ මතුකරන කරුණු බොහොමයක් වගේම මාතෘකාවෙන් පරිබාහිර කරුණු කිහිපයකුත් පිලිබදව සාකච්ඡා කරනවා. එහෙනම් "දැකලා පුරුදු කෙනෙක්" ෆිල්ම් එක බලපු කට්ටියම මේ Episode එක අහන්න කියලා ආරාධනා කරනවා, ඒවගේම අහපු කට්ටියට මේ Episode එක ගැන වගේම මේ Podcast එක ගැන යම්කිසි අදහසක් උදහසක් යෝජනාවක් තියෙනවනම් කියන්නත් අමතක කරන්න එපා. -----------------------------------------------------------------Episode list එකේ පල්ලෙහට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් මං මේ වෙනකොට චිත්‍රපට ගණනාවක්, චිත්‍රපටවලට ආදරය කරන, සාකච්ඡාවට බදුන් කරන චිත්‍රපටය ගැන සාපේක්ෂව හොද දැනුමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ රසිකයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මං ආරාධනා කරනවා කට්ටියටම ඔයාල බලපු, ආසකරන, අපි සාකච්ඡා කරලා තියෙන ඒ චිත්‍රපටයට අදාළ Episode ටික අහන්න කියලා. . කොහෙවත් DVD ගන්න තිබ්බේ නැහැ. මට හෝල් එකේ බලන්නත් බැරි වුනා. මම බැලුවේ Gluuoo by Derana එකේ. මේකේ ලංකාවේ ගොඩාක් හොද ෆිල්ම්ස් පොඩි ගානකට Stream කරනවා. ----------------------------------------- Official Facebook page www.facebook.com/thelokueffect/

Duration:01:57:52

Ask host to enable sharing for playback control

#59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru

10/30/2020
Zindagi Na Milegi Dobara (2011) with රංගන ඉසුරු------------------------------------------------------------------------- අපි අද "The ලොකු Effect Podcast" එකෙන් සාකච්ඡා කරන්නේ, අපි මේ ගත කරන ජීවිතය ගැන දෙපාරක් හිතවන්න හොද උත්සහයක් දරන ලස්සන හින්දි චිත්‍රපටියක් ගැන, ඒ තමයි 2011 වර්ෂයේ තිරගතවුන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය. මේ ෆිල්ම් එකේ රිතික් රෝෂන්, ෆර්හාන් අක්තාර්, කත්රීනා කයිෆ් වගේ ජනප්‍රිය වගේම රංගන කුසලතාවයෙන් හෙබි නළු නිලියෝ සම්බන්ද කරගෙන නිෂ්පාදනය වුන ලස්සන බොලිවුඩ් චිත්‍රපටියක්. ඉතින් මේ ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්න මාත් එක්ක එකතුවෙන්නේ රංගන ඉසුරු, රංගන මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡා කරන්න මේ Podcast එකෙන් එකතුවෙන පළමුවෙනි අවස්ථාව. මේ ෆිල්ම් එක සාකච්ඡා කරමු කියන යෝජනාව කලෙත් රංගන. රංගන සහ මම මේ ෆිල්ම් එකේ කියවෙන දේ ගැන ටිකක් විස්තරාත්මක පැහැදිලිකරගැනිමක් කරගන්න කරන උත්සාහය යම්තාක් දුරකට සාර්ථක කරගන්න ලැබුනා කියලා මං විශ්වාස කරනවා. එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඊටපස්සේ අපි මේ ෆිල්ම් එකේ සාකච්ඡා කරන කරුණු කාරණා ගැන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා.

Duration:02:07:32

Ask host to enable sharing for playback control

#58 - The Dark Knight (2008) with Althaaf and Alqaaf

10/15/2020
The Dark Knight (2008) පිළිබද සංවාදය with Althaaf and Alqaaf ----------------------------------------------------------------------------- Christopher Nolan අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2008 වසරේ නිකුත් කල, Batman චරිතය අලලා නිෂ්පාදය කල චිත්‍රපට තුනකින්(Trilogy) සමන්විත චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය ලෙස නිකුත් වෙච්ච "The Dark Knight" චිතරපටිය එතෙක් මෙතෙක් බිහිවූ කොමික් චරිත අලලා හෝ කොමික් නොවන ගණයේ නිෂ්පාදනය වුන චිත්‍රපටි අතුරින් විශිෂ්ට ගණයේ හීලා සැලකිය හැකි චිත්‍රපටයක් කිව්වොත් වඩාත් නිවැරදි. Althaaf සහ Alqaaf සහෝදරයන් මෙම චිත්‍රපටයට වූන සුදානම පිළිබද මම සියයට සියයයක් සතුටු වෙනවා වගේම මෙම චිතපටිය විචාරයෙදී Hameem සහෝදරයන් හොද සාධාරනයක් ඉෂ්ට කළා කියලත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මේ Episode එක Althaaf සහ Alqaaf, "The ලොකු Effect Podcast" එකෙන් චිත්‍රපටයක් ගැන සංවාදයකට සහභාගීවුන සාර්ථක තුන්වෙනි Episode එකයි. අපි මේ Episode එකෙන්, Christopher Nolan අධ්‍යක්ෂකවරයා පිළිබද හැදින්වීමක් Batman/Bruce Wayne, Joker චරිත කොමික් පොත් ආශ්‍රිතව ගොඩනැගුනු ආකාරය(ඉතිහාසය) Nolanගේ මෙම චිත්‍රපට ත්‍රිත්වයට පෙර නිෂ්පාදයන වුන Batman සහ Joker චරිත අලලා ගොඩනැගුන චිත්‍රපටි සහ එහිදී මෙම චරිත නිරුපණය කල නළුවන් පිළිබද හැදින්වීමක් මෙම චිත්‍රපටයේ Christian Bale නිරුපණය කරන Batman චරිතය/රංගනය සහ අප අතරින් වියෝවුන අසහාය නළු Heath Ledger රගපාන Joker චරිතය පිළිබද වගේම සෙසු චරිත ගැනත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් Althaaf සහ Alqaaf සුදු කරනවා. විශේෂයෙන්ම The Dark Knight චිත්‍රපටයට පාදක කරගත්ත කතාව ගැනත් අපි මේ Episode එකෙන් සාකච්ඡා කරනවා. ඉහත සදහන් කල කාරණා ඇතුළු කරුණු ගණනාවක් ගැන අපි මෙම Episode එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ Episode එක අහන හැමෝටම Batman චරිතය පිළිබද ගැඹුරු අදහසක් ලබාගන්න පුළුවන් වෙයි කියලා (මේ සාකච්ඡාවට කලින් මං විශ්වාස කලෙත් නැහැ මේවගේ කොමික් චරිතයකට මේවගේ depth එකක් ගැඹුරක් සහිතව චරිත ගොඩනගනවා ඇති කියලා) එහෙනම් මං හැමෝටම ආරාධනා කරනවා හැමෝටම මේ Episode එක සම්පුර්ණයෙන්ම අහලා ඔයාලගේ අදහස් සහ ධනාත්මක විවේචනත් ඉදිරිපත් කරන්න කියලා.

Duration:04:50:51

Ask host to enable sharing for playback control

#57 - Shutter Island (2010) with Ravidu Iroshan

10/1/2020
රවිදු ඉරෝෂන් සමග Shutter Island (2010) චිත්‍රපටය පිළිබද කල සංවාදය--------------------------------------------------------- Martin Scorsese සහ Leonardo DiCaprio වගේ අතිදක්ෂයෝ දෙන්නෙකුගේ සුසංයෝගයෙන් නිමැ වුන Psychological Thriller ගණයට වැටෙන 2010 අවුරුද්දේ නිකුත් වුන Shutter Island වගේ ෆිල්ම් එකක් ගැන කොච්චර කතාකරන්න තියෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Shutter Island බලපු කට්ටිය දන්නවා මේ ෆිල්ම් එක අඩුම තරමේ දෙපාරක්වත් බලන්න ඕනේ ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියලා තේරුම්ගන්න. ඊට වඩා අමාරුයි Episode එකකින් සාකච්ඡාවක් කරන්න ගියහම. එහෙනම් මේ ෆිල්ම් එක තාම බලන්න වාසනාව හම්බවුන නැති උදවිය මේ ෆිල්ම් එක බලලා මේ Episode එක අහන්න සෙට් වෙන්න. ඉතින් අද මාත් එක්ක Shutter Island ෆිල්ම් එකේ කතාව, වෙන සිද්ධි ධාමය ලිහා ගන්න එකතු වෙන්නේ රවිදු ඉරෝෂන්. රවිදු පලවෙනි වතාවට තමයි "The ලොකු Effect Podcast" එකේ Episode එකින් එකතු වෙන්නේ සහ Shutter Island ෆිල්ම් එක සාකච්ඡා කරමු කියලා යෝජනා කලෙත් රවිදු. රවිදු මේ Episode එකට වුන සුදානම ගැනත් මම සතුටුවෙනවා. එහෙනම් Shutter Island චිත්‍රපටිය ගැන මේ Episode එකෙන් කරපු සංවාදය අහලා, ඇහුවට පස්සේ ඔයාලගේ හිතට එන අදහස් උදහස් comment එකක් විදියට අපිට කියන්නත් අමතක කරන්න එපා. --------------------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect

Duration:13:10:03

Ask host to enable sharing for playback control

#56 - Damitha Nipunajith - Science Fiction Author

9/16/2020
විද්‍යා ප්‍රබන්ද ලේඛක දමිත නිපුණජිත් සමග කල සාකච්ඡාව------------------------------------------------------------- සිංහල භාෂාවෙන් ලියවුන ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ද පොත් අතුරින් මම පෞද්ගලිකව ඇලුම් කරපු, සිතට දැනුනු, Mind Blowing ගනයේ පොත් දෙකක් තමයි "විස්මිත සිහින දකින්නා" සහ "කාලාවකාශයේ සිරකරුවා". මේ පොත් දෙකම කෙටි කතා එකතුවක ප්‍රතිපලයක්. මම මේ පොත් කියවනකන් හිතුවේ නැහැ ලංකාවේ සිංහලෙන් මේ වගේ ලස්සනට හිතලා විද්‍යා ප්‍රබන්ද ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙලා ඇති කියලා. ඉතින් මේ පොත් කියෙව්වට පස්සේ මට හිතුනා මේ පොත් ලියපු, මේ පොතට පාදකවෙච්ච කතා ඔලුවේ මැවිච්ච දමිත නිපුනජිත්ව මගේ මේ Podcast එකට එකතුකර ගන්න. මේ පොත් ගැන වගේම තවත් කාරණා පිළිබඳව මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ගණනාවකට දමිතගේ අදහස් මේ Episode එකෙන් දමිත ඉදිරිපත් කරනවා. ඉතින් විද්‍යා ප්‍රබන්ද වලට ආසකරන්න, දමිතගේ පොත් කියවපු රසිකයන්ට වගේම, අනාගතයේදී විද්‍යා ප්‍රබන්ද ලේඛනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙන හැමෝටමත් මට වගේම සැහෙන ගොඩක් දේවල් මේ Episode එක අහලා දැනගන්න ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඔයාලගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්නත් එපා. --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:01:30:13

Ask host to enable sharing for playback control

#55 - අසන්ධිමිත්තා (2019) with Ruwishan Vimukthi

9/9/2020
අසන්ධිමිත්තා (2019) චිත්‍රපට සංවාදය with රුවිශාන් විමුක්ති----------------------------------------------------------අශෝක හදගම අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2019 වර්ෂයේ නිකුත් වෙච්ච අසන්ධිමිත්තා චිත්‍රපටිය රසික අවධානයට වගේම කාගේත් කතාබහට ලක් වුන චිත්‍රපටියක් වුනා. හැබැයි අසන්ධිමිත්තා මට නරඹන්න හම්බවුනේ මෑතකදී. ඉතින් බලපු පලවෙනි පාරම තේරුනේ නැතත් දෙවෙනිවර බැලුවහම යම්කිසි දුරකට කතාව තේරුම්ගන්න පුළුවන් වුනා. මිනිස්සු චිත්‍රපටි බලන්නේ ප්‍රේහෙලිකා පුරවන්න නෙවෙයි කිව්වට මම බලපු චිත්‍රපටියකින් අවසානයේදී යම්කිසි දෙයක් හිතන්න ඉතිරිකරවනම් මම පෞද්ගලිකව කැමති. ඉතින් අසන්ධිමිතත් අපි කියන ඒ Mind blowing වර්ගයේ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදි. ඉතින් මම හිතුවා මේ වගේ ෆිල්ම් එකක් සාකච්ඡා කරන්න සුදුසුම කෙනා රුවිශාන් විමුක්ති කියලා. මොකද රුවිශාන් තමයි මට මේ ෆිල්ම් එක බලන්නත් මුලින්ම අදහස දුන්නේ. රුවිශාන් එක්ක සාකච්ඡාව පවත්වන අවස්ථාවෙත් අසන්ධිමිත්තා කථාව මම සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන තිබ්බෙත් නැහැ, නමුත් රුවිශාන් එක්ක කරපු සංවාදයෙන් පස්සේ මේ ෆිල්ම් එක ගැන තිබ්බ ගැටළු ගොඩක් නිරාකරණය කරගන්න පුළුවන් වුනා. එහෙනම් රුවිශාන් විමුක්තිත් එක්ක අසන්ධිමිත්තා චිත්‍රපටිය ගැන කරපු සාකච්ඡාව මේ චිත්‍රපටිය තේරුම්ගත්තු වගේම තේරුණේ නැති කට්ටියටත් අහන්න කියලා ආරාධනා කරනවා. --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:02:30:21

Ask host to enable sharing for playback control

#54 - නිකිණි වර්ෂා - An Author Discussion

9/3/2020
An Author Discussion - නිකිණි වර්ෂා සමග කල සංවාදය ------------------------------------------------------------------------ මේ Episode එකෙන් මම එකතු කරගන්නේ නිකිණි වර්ෂා. නිකිණි වර්ෂා ලේඛිකාවක්. මේ Podcast එකෙන් ලේඛකයෙක්, ලේඛිකාවක් හෝ පොතක් ගැන කතාකරන්න මට ඕනේ වුනේ ගොඩකාලෙක ඉදන්. ඉතින් Episode පනස්ගානකින් පස්සේ මට මේ වැඩේට අතගහන්න පුළුවන් වෙනවා. නිකිණි වර්ෂා මේ වෙනකොට "නිළියකට පෙම් බැද ", "නිළියකට පෙම් බැද 2" සහ "සංසාර පැතුම්" කියන පොත් තුන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒවගේම online මාධ්‍ය ඔස්සේත් පොත් කියවන කට්ටියට නිකිණි වර්ෂා "කතුවරයා" කියන app එක ඔස්සේත්, "Watpad" online මාධ්‍ය ඔස්සේත් පොත් ලියමින් ඉන්න කාර්යබහුල ලේඛිකාවක්. නිකිණි වර්ෂාගේ Facebook පිටුව ඇතුළු ඇයට සම්බන්ද වෙබ් ලින්ක්ස් මම පල්ලෙහා දාන්නම්. නිකිණි වර්ෂාත් එක්ක කරන මේ Episode එක නිකිණි වර්ෂාගේ රසිකයන්ට වගේම පොතක් ලියන්න ආසාවෙන් ඉන්න කට්ටියටත් වැදගත් වෙයි කියල මන් විශ්වාස කරනවා. Self-publishing (පොතක් තමන් විසින්ම ප්‍රකාශයට පත් කිරීම - ප්‍රකාශකයකු හරහා නොගොස්) සහ ප්‍රකාශකයකු හරහා පොතක් ප්‍රකාශනයට පත් කරගැනීම වගේ කාරනා ඇතුළු කාරනා කිහිපයක් අපි මේ Episode එකේදී සාකච්ඡා කරනවා. එහෙනම් මේ Episode එක අහලා ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න අපිට comment එකක් විදියට එවන්නත් අමතක කරන්න එපා. --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect --------------------------------------------------- නිකිණි වර්ෂට සම්බන්ද ලින්ක්ස් Facebook Page https://www.facebook.com/nikiniwb නිකිණි වර්ෂගේ පොත් Grantha.lk ඔස්සේ මිලදී ගැනීමට https://grantha.lk/authors/nikini-warsha.html Watpad ඔස්සේ පොත් කියවීමට https://www.wattpad.com/user/NikiniWarsha Youtube Channel https://www.youtube.com/channel/UCG3g4jwbEFjMQAHVzNgrw2g

Duration:01:17:32

Ask host to enable sharing for playback control

#53 - Special: "Paangshu" Visakesa Chandrasekeram

8/30/2020
විසාකේස චන්ද්රසේකරම්, "පාංශු" තිර රචක සහ අධ්‍යක්ෂක -------------------------------------------------------- අද මම මේ විශේෂ Episode එකෙන් එකතු කරගන්නේ "පාංශු" චිත්‍රපටියේ තිර රචක සහ අධ්‍යක්ෂක විදියට කටයුතු කරන විසාකේස චන්ද්රසේකරම්ව. "පාංශු" ෆිල්ම් එක බැලුවට පස්සේ මේ චිත්‍රපටියට අදාළ රගපෑම ඇතුළු තාක්ෂණික කාරණා ගැන වගේම මේ චිත්‍රපටියට ප්‍රස්තුතය වුන කතාව ගැනත් මට ඇතිවුන ප්‍රශ්න මම විසාකේසගෙන් ඇහුවා. ඉතින් මම විශ්වාස කරනවා විසා ඒ ප්‍රශ්නවලට දුන්න උත්තර වලින් මං වගේම මේ Episode එක අහන ඔයාලටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙයි කියලා. එහෙනම් සුපුරුදු පරිදි කියන්න තියෙන්නේ මේ Episode එක ඇහුවට පස්සේ එන අදහස් විවේචන මට කියලා එවන්නත් අමතක කරන්න එපා. -------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:08:10:02

Ask host to enable sharing for playback control

#52 - The Invincible Man 2020 with Dimantha Gunathilake

8/28/2020
The Invinsible Man 2020 සාකච්ඡාව with Dimantha Gunathilake----------------------------------------------------------------කොරෝනා වලට ෆිල්ම් හෝල් වැහෙන්න කලින් හොදට දුවපු, හම්බකරපු ෆිල්ම් එකක් තමයි "The Invinsible Man" කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එකත් මම සාකච්ඡා කරන්න කැමැත්තෙන් හිටපු ෆිල්ම් එකක්. ඉතින් Leigh Whannel අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුනු 2020 Release වෙච්ච The Invinsible Man ෆිල්ම් එක ගැන සාකච්ඡාවකට මම ආරාධනා කළා දිමන්තා ගුණතිලකව. එහෙනම් Episode එක අහලා ඔයාලගේ අදහස් විවේචන වගේම "The ලොකු Effect Podcast" එක ඔයාලගේ යහළුවන් එක්කත් ෂෙයාර් කරගන්න, අහන්න ආරාධනා කරන්න කියලත් ඉල්ලනවා. -------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:01:08:14

Ask host to enable sharing for playback control

#51 - Interstellar (2014) with Chanaka Colombage

8/22/2020
Interstellar (2014) සාකච්ඡාව with Chanaka Colombage------------------------------------------------------------------ Christopher Nolan ගේ Interstellar ෆිල්ම් එක ගැන සාකච්ඡාවට අදත් මාත් එක්ක එකතු වෙන්නේ Memento, Donny Darko වගේ තේරුම්ගන්න ටිකක් අමාරු ෆිල්ම්ස් Review කරන්න එකතු වුනු චානක කොළඹගේ. චානක, "සිනමාවෙදීන් - The Cinema People" Facebook Group එක වෙනුවෙන්ම Interstellar ෆිල්ම් එක ගැන කරපු, ඉතාමත් විශාල පාඨක අවධානයක් දිනාගත්තු, සවිස්තරාත්මක ලිපිය, Review එකෙන් පස්සේ මම අරාධනා කළා චානකට Interstellar ෆිල්ම් එක ගැන සාකච්ඡාවකට මගේ The ලොකු Effect Podcast එකෙන්. ඉතින් Interstellar ෆිල්ම් එක කියන්නේ මම මගේ Podcast එකේ මුල ඉදන්ම සාකච්ඡා කරන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්, නමුත් මේ වගේ ෆිල්ම් එකක රූපමය සංවේදනය වගේම විද්‍යාත්මක කරුණු පිලිබදව යම්කිසි විග්‍රහයක් කරන්න සුදුසු කෙනෙක් හොයා හොයා හිටපු අවස්ථාවක තමයි මට චානකව හම්බවුනේ. මම විශ්වාස කරනවා චානක Interstellar පැහැදිලි කරන්න එයාගේ ලිපියෙන් හොද උත්සහයක් ගන්නවා වගේම, මේ සාකච්ඡාවේදීත් ඉතාමත් සාර්ථක උත්සාහයක නියැලෙනවා කියලා. චානක එයාගේ ලිපියෙන් සාකච්ඡා නොකරපු කරුණු ගණනාවකුත් අපි මේ Episode එකේදී සාකච්ඡා කරනවා. එහෙනම් හැමදාම වගේ කියන්න තියෙන්නේ, හොද ලමයි වගේ Episode එක අන්තිම වෙනකම් අහලා ඔයාලගේ අදහස් උදහස් විචේචන ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. -------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:04:23:59

Ask host to enable sharing for playback control

#50(3) - Marvel Comics with Althaaf and Alqaaf

8/14/2020
Part 3 - Final - Marvel Comics/MCU සහ Marvel Company with Althaaf and Alqaaf Hameem-------------------------------------------------- 50 වෙනි Episode එකේ 3වෙනි කොටසින් නැත්තන් අවසන් කොටස විදියට Althaaf සහ Alqaaf, Marvel Cinematic Universe (MCU), නැත්තන් තවත් විදියකට කියවනම් මාවල් සිනමා විශ්වයේ ආරම්භය වගේම සහ MCU එක මේ දක්වා (2020, අගෝස්තු) විකාශනය වුන ආකාරය පිලිබදව සාකච්ඡාවක යෙදුනා. Phase 1, Phase 2, Phase 3 කියන්නේ මොකක්ද සහ Phase 4 වලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ෆිල්ම්ස් මොනවද කියන එකත්, ඒ වගේම Marvel Cinematic Universe එකේ සාර්ථකත්වයට හේතුත් Althaaf සහ Alqaaf මේ Episode එකේ අවසන් හරියේ විග්‍රහයක් කළා. පොදුවේ Comics ගැන හමීම් සහෝදරයන්ට තිබ්බ දැනුම ගැන මම පුදුම වෙනවා වගේම ඒ දැනුමට ගරු කරනවා. මම විශ්වාස කරනවා Althaaf සහ Alqaaf එක්ක Marvel Studio පිලිබදව කරපු මේ 50 වෙනි(කොටස් තුනම) Episode එක අහන කට්ටියට සැහෙන හොද දැනුමක් මේ episode එක අහලා ලබාගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් 50 වෙනි episode එකේ කලින් කොටස් දෙකම අහපු කට්ටිය Marvel ගැන කරපු මේ අන්තිම episode එක අහන්න සෙට් වෙන්න ඒවගේම කලින් කොටස්\ ඇහුවේ නැත්තන් ඒ කොටස් ටිකත් අහන්න ආරාධනා කරනවා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:05:06:31

Ask host to enable sharing for playback control

#50(2) - Marvel Comics with Althaaf and Alqaaf

8/12/2020
Part 2 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem-------------------------------------------------- Althaaf සහ Alqaaf එක්ක Marvel Studio එක ගැන කරපු සාකච්ඡාවේ දෙවෙනි කොටස විදියට ඔයාලට 2008, Marvel Cinematic Universe (MCU) එක බිහි වෙන්න කලින් Marvel සමාගම නිෂ්පාදනය කල චිත්‍රපටි, Marvel Studio හි සාර්ථකත්වයට Kevin Feige ගේ දායකත්වය, 20th Century Fox (දැන් Disney වලට අයිති) හිමිකාරිවය දරන X-Men සහ Fantastic Four Comic චරිත, Sony හිමිකාරිත්වය දරන Spider Man ඇතුළු චරිත Marvel Studio සමග තිබු සහ තිබෙන සම්බන්දය ඇතුළු මේ පටලැවිල්ල මොකක්ද? කියන කාරණා ඇතුළු කාරණා ගණනාවක් අපි මේ episode එකෙන් සාකච්ඡා කරනවා. එහෙනම් 50 වෙනි episode එකේ පලවෙනි කොටස අහපු හැමෝටම මන් ආරාධනා කරනවා මේ episode එක අහන්න කියලා. 50වෙනි episode එකේ පලවෙනි කොටස අහපු නැති කට්ටිය ඒ කොටස අහලා පිළිවෙලට මේ episode එක සහ තුන් වෙනි episode එකත් අහන්න කියලත් ආරාධනා කරනවා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:04:27:37

Ask host to enable sharing for playback control

#50(1) - Marvel Comics with Althaaf and Alqaaf

8/9/2020
Part 1 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem--------------------------------------------------මම ටික දවසක ඉදන් upload කරන්න බලන් හිටපු මගේ 50 වෙනි Episode එකට මම එකතු කරගත්තා Althaaf සහ Alqaaf Hameem සහෝදරයන්ව. ඒ Marvel Comics, Marvel company එක වගේම Marvel Cinematic Universe නැත්තම් MCU කියන්නේ මොකක්ද ඇතුළු මාතෘකා ගණනාවක් අරගෙන සාකච්ඡා කරන්න. මේ Episode එක අහන කට්ටියට Marvel Company එකේ ආරම්භය වගේම Marvel Comics වලට සම්බන්ද ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. මේ Episode එකේ කාලය ටිකක් වැඩි වුන හින්ද, අපි හිතුවා මේ Episode එක කොටස් කිහිපයකට වෙන් කරලා Upload කරන්න. ඉතින් 50 වෙනි Episode එකේ පලවෙනි කොටස විදියට මම Hameem සහෝදරයින් එක්ක සාකච්ඡාවට පොඩි ආරම්භයකින් පස්සේ (මාතෘකාවට අදාළ නැති), Comics කියන්නේ මොකක්ද, Marvel Comics වල ආරම්භය, Marvel Comics වලට Stan Lee ගෙන් වෙච්ච බලපෑම, Marvel චරිත, DC චරිත වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද වගේ කාරණා සාකච්ඡා කළා. එහෙනම් මේ Episode එක අහපු, Enjoy කරපු කට්ටියට අනික් කොටස් ටිකක් අහන්න කියලා ආරාධනා කරනවා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:03:56:11

Ask host to enable sharing for playback control

#49 - Sri Lankan Film Industry with Sarith Ranasinghe

7/26/2020
දේශීය සිනමාව ගැන සුහද සාකච්ඡාවක් - Deen with Sarith Ranasinghe--------------------------------------------------------------- WTH Youtube Channel එකේ "The Movie Capital" segment එකෙන් චින්තන ධර්මදාසත් එක්ක කරපු විඩියෝ එකෙන් පස්සේ මට හිතුනා "WTH" Channel එකේ සරිත් රණසිංහ ව මගේ Podcast එකේ episode එකකින් සාකච්ඡාවකට එකතු කරගන්න. අපි මේ episode එකෙන් කරුණු කිහිපයක් ගැන සංවාදයක යෙදුනා. විශේෂයෙන්ම අපේ දේශීය සිනමාව ගැන අපි අපිට දැනෙන දේ ගැන සාකච්ඡා කළා. මම මතුකරපු ප්‍රශ්න/අදහස් වලට සරිත් පළකරපු අදහස් වලට මම පෞද්ගලිකව කැමති. එහෙනම් episode එක අහලා කට්ටියගේ අදහස් උදහස් කියන්නත් අමතක කරන්න එපා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect ------------------------------------ Sarith's "WTH" Youtube Channel https://www.youtube.com/wthsl WTH Official Facebook Page https://www.facebook.com/wth.sl/

Duration:01:26:56

Ask host to enable sharing for playback control

#48 - Special: Palitha Perera

7/24/2020
පාලිත පෙරේරා, DOP සමග කල විශේෂ සාකච්ඡාව -------------------------------------- එහෙනම් අදත් මගේ Podcast එකට සාකච්ඡාවකට ආරාධනා කළා ලංකාවේ Cinematography (කැමරාකරණය සහ ආලෝකකරණය) අංශයේ ප්‍රවීනයෙක් වෙන පාලිත පෙරේරා මහත්මයව. පාලිත පෙරේරා මේ වෙනකොට චිත්‍රපට ගණනාවකට Cinematographer කෙනෙක් විදියට දායක වෙලා තියෙනවා වගේම මෙතුමා අධ්‍යක්ෂවරයෙක් වගේම තිරරචනයෙන් දායක වෙන "තාල" චිත්‍රපටිය ලංකාවේ කුලුදුල් නිර්මාණයක් අති සාර්ථක වුන අවස්ථාවක් විදියටත් හදුන්වන්න පුළුවන්. පාලිත පෙරේරා මේ episode එකෙන් Cinematography කියන්නේ මොකක්ද, DOP නැත්තන් Director of Photography කියන්නේ මොකක්ද ඒවගේම Cinematography සහ DOP කියන අංශ වල වෙනස වගේම එතුමා අධ්‍යක්ෂණය කරන තාල චිත්‍රපටිය ගැන සහ මේ දවස් වල තිරගතවන අවිලේනසුලුයි චිත්‍රපටිය ගැනත් පොඩි සාකච්ඡාවක් කරනවා. ඊට අමතරව කරුණු ගණනාවක් පිළිබඳව පාලිත පෙරේරා එතුමාගේ අදහස් පළකරනවා. එහෙනම් episode එක අහලා කට්ටියගේ අදහස් උදහස් කියන්නත් අමතක කරන්න එපා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:01:12:16

Ask host to enable sharing for playback control

#47 - Avilenasului (2020) with Ruwishan Vimukthi

7/21/2020
ඇවිලෙනසුලුයි (2020) සාකච්ඡාව with Ruwishan Vimukthi---------------------------------------------------- Spoiler Alert (ඒ කියන්නේ ෆිල්ම් එක බලපු නැති කට්ටිය මේ episode එක අහන්න එපා) රුවිෂාන් විමුක්ති අද මාත් එක්ක The ලොකු Effect Podcast එකෙන් සම්බන්ද වෙනවා චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක ගැන පොඩි සාකච්ඡාවකට. රුවිෂාන් මගේ මේ podcast එකත් එක්ක සම්බන්ද වෙන පලවෙනි අවස්ථාව. සාකච්ඡාව අතරතුර අපි උපරිම උත්සහයක් දරනවා ෆිල්ම් එකේ අපිට තේරුනේ නැති තැන් ලිහා ගන්න. හරි එහෙනම් ෆිල්ම් එක බලපු නැති කට්ටිය ෆිල්ම් එක බලලා මේ episode එක අහන්න සෙට් වෙන්න සහ බලපු කට්ටිය episode එක අහන්න. අහලා රුවිෂාන් සහ මම මේ episode එකෙන් සාකච්ඡා කරන කරුණූ පිලිබදව ඔයාලට හිතන දේත් අපිට කියන්න අමතක කරන්න එපා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:01:23:48

Ask host to enable sharing for playback control

#46 - The Newspaper (2020 - සිංහල) Film Review

7/18/2020
The Newspaper (2020) සිංහල චිත්‍රපට විචාරය---------------------------------------සරත් කොතලාවල සහ කුමාර තිරමාදුර තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වුන "The Newspaper" ෆිල්ම් එකේ Spoiler-less(කථාව කියන්නේ නැතුව - පළමු විනාඩි කිහිපය) review එකකුයි, ෆිල්ම් එකේ කථාව, අධ්‍යක්ෂණය, රගපෑම ඇතුළු කාරණා ගණනාවක් ගැන මම මගේ අදහස ඉදිරිපත් කරනවා. ඒවගේම මගේ කියවීම අනුව ෆිල්ම් එකට Rating ( ?/10න් ) එකකුත් දුන්නා. එහෙනම් episode එක නිවාඩු පාඩුවේ අහලා ෆිල්ම් එක ගැන මම ඉදිරිපත් කරන කාරණා සහ podcast ගැන ඔයාලගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්නත් එපා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect

Duration:01:26:28