SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

මෙල්බර්න් නගර මැද ලංකාව බවට පත් කරන Lankan Fest ප්‍රදර්ශනයට තව දින 6 යි!

11/9/2025
ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. ප්‍රදර්ශනයේ පෙරසූදානම පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

Duration:00:05:04

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 10: කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අපහසුතා වලට පිළියම් සැලැස්මක් වික්ටෝරියා රජයෙන්

11/9/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:15

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: මම්දානිගේ ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ගේ අදහස්

11/9/2025
ඕස්ට්‍රේලියාවේ සමහර බහුසංස්කෘතික ප්‍රජා කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ පුරපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත් වීම පිළිබඳ ප්‍රතිචාර දැක්වූවා. මම්දානි නිව් යෝර්ක් නගරයට වසර 100කටත් වැඩි කාලයකින් පසු පත් වන ලාබාලතම නගරාධිපතිවරයා ලෙස වාර්තා පොත් අතරට එක් වනවා. එපමණක් නොව ඔහු නිව් යෝර්ක් නගරයේ එම තනතුරට තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතික, දකුණු ආසියානු සහ අප්‍රිකාවේ උපත ලැබූ නගරාධිපතිවරයා බවට පත් වනු ඇති. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.

Duration:00:06:40

Ask host to enable sharing for playback control

සංක්‍රමණ කටයුතු වෙනුවෙන් වෙනත් ප්‍රාන්තයකට යන්න ඔබේ අදහසක් ඇත්නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න

11/9/2025
ඉදිරි වසර සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සිය අවශ්‍යතාවලට සරිලන ලෙස රැකියා ලැයිස්තු යාවත්කාලීන කර තිබෙනවා. ඒ සමඟ වෙනත් ප්‍රාන්තයකට මාරුවීම හෝ දැනටමත් එසේ මාරු වූ කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ට විවිධ තීරණ ගැනීමට පෙළඹෙන පසුබිමකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ සාකච්ඡාව උපකාරයක් වනු ඇතැයි අප සිතනවා.

Duration:00:09:33

Ask host to enable sharing for playback control

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 3 - නොවැ 7

11/7/2025
නොවැම්බර් 3වන දා සිට නොවැම්බර් 7වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

Duration:00:05:53

Ask host to enable sharing for playback control

තරුෂි එක්ක තරු කතා - මෝඩ තරිඳු චිත්‍රපටයට නම හැදුණේ මෙහෙමයි

11/7/2025
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.

Duration:00:07:45

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - නොවැ 7: ජනපතිගේ අයවැය කතාව අද / විපක්ෂ නායක සජිත් 13 වන සංශෝධනයට පක්ෂ බව ඉන්දියාවට දන්වයි

11/7/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:08:54

Ask host to enable sharing for playback control

ක්‍රීඩා විග්‍රහය – ගියවර Hong Kong Sixes ශූරතාව දිනූ ශ්‍රී ලංකා පිල ළහිරු මදුශංකගේ නායකත්වයෙන් අද තරඟ බිමට

11/7/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:08:51

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 7: නවනීදන් පිල්ලේට සිඩ්නි සාම ත්‍යාගය

11/6/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 7 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:06

Ask host to enable sharing for playback control

10 වෙනි වසර සපුරන Lankan Fest ප්‍රදර්ශනයට සියල්ල සූදානම් - ආචාර්ය දමිත ද මෙල්

11/6/2025
ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් සමග SBS සිංහල සේවය සමඟ පැවැත්වූ කතාබහ.

Duration:00:08:51

Ask host to enable sharing for playback control

අපේ වහරේ කතා අහුරක්: හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියන කතාව හැදුණේ මෙහෙමයි!

11/6/2025
සිංහල බස හරිම රසවත් පොහොසත් මිහිරි භාෂාවක්. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරැම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.

Duration:00:04:01

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: අලුත් වැඩිහිටි සත්කාර ප්‍රතිසංස්කරණ නිසා, සේවා ලබන්නන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ දැයි බියක්

11/5/2025
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර පිළිබඳව වන පනත නොවැම්බර් 1 වැනිදා සිට බලාත්මක වෙමින් පවතිනවා. රාජකීය කොමිසමක් විසින් මෙම අංශයට ප්‍රධාන ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමෙන් වසර හතරකට පසු මෙම බලාත්මක වීම සිදුව තිබෙනවා. කෙසේ නමුත් බොහෝ දෙනෙකුට අවසානයේ වැඩිහිටි රැකවරණ සේවා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි යන බියක් මේත් සමගම මතුව තිබෙනවා අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

Duration:00:12:54

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 6: සිඩ්නි නුවර දුම්වැටි අලෙවිසැල් දෙකක් වැසේ

11/5/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 6වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:04:53

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 5: ස්මාර්ට් මීටර් උපාංග සහිත නිවෙස්වලට නොමිලයේ විදුලිය සැපයෙන වැඩසටහනක්

11/4/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 5වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:14

Ask host to enable sharing for playback control

කාලින විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පුහුණු කිරීමට දත්ත ගැනීමේ නිදහස අත්හිටවීමට ගැන කලා කේෂ්ත්‍රයේ ප්‍රසාදය

11/4/2025
කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා නිර්මාණාත්මක කලා කෘති වල අන්තර්ගතයන් තාක්ෂණික සමාගම් වලට නිදහසේ උකහා ගැනීමට අවස්ථාව සැලසී තිබුණා. නමුත් එම නිදහස අත්හිටවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කලා කේෂ්ත්‍රය මෙම ජයග්‍රහණය පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර, ප්‍රකාශන හිමිකම් පනත සංශෝධනය කිරීමට AI තාක්ෂණ සබැඳි කණ්ඩායම් හා නිර්මාපකයන් එක් මේසයක් වෙත ගෙන ඒමට මෙය මග පාදනු ඇතැයි බලාපොරොත්තු පල වනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

Duration:00:07:29

Ask host to enable sharing for playback control

ළමා අපචාර සිදුවීමකට අදාළ ව ඕස්ට්‍රේලියාව තුල අධිකරණ ක්‍රියාවලිය සිදු වන ආකාරය ගැන ඔබ දැනුවත් ද?

11/4/2025
දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජන සිදුවීමකට අදාල නඩු කටයුතු වල දී වින්දිත හා විත්තිකාර දෙපාර්ශවයට වැදගත් වන නීතිමය තොරතුරු පිළිබඳ සාකච්ඡාව.

Duration:00:08:59

Ask host to enable sharing for playback control

Melbourne Cup Day තුරඟ තරග ඉසව්වේ තිරයෙන් පිටුපස සිදුවන මේ තොරතුරු දැන සිටියා ද?

11/3/2025
මිලියන ගණනක් නරඹන, මිලියන ගණනින් තෑගි, ඔට්ටු හුවමාරු වන මෙල්බර්න් කුසලාන තුරඟ තරග ඉසව්වේ අපි නොදකින තිරයෙන් පිටුපස තොරතුරු ගැන කතාබහක්.

Duration:00:09:10

Ask host to enable sharing for playback control

Understanding treaty in Australia: What First Nations people want you to know - Australia Explained - ඕස්ට්‍රේලියානු ස්වදේශික සහ ස්වදේශික නොවන අය අතර ඇති 'treaty' ගිවිසුම ගැන තොරතුරු

11/3/2025
Australia is home to the world’s oldest living cultures, yet remains one of the few countries without a national treaty recognising its First Peoples. This means there has never been a broad agreement about sharing the land, resources, or decision-making power - a gap many see as unfinished business. Find out what treaty really means — how it differs from land rights and native title, and why it matters. - ලොව පැරණිතම සහ අඛණ්ඩ සංස්කෘතීන් ඇති ඕස්ට්‍රේලියානු ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට වැදගත් වන treaty පිළිබඳව දැනගත යුතු තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

Duration:00:08:43

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 4: Deepfake පිළිබඳ දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව නීති, ඉහළ දඩ මුදලක් හෝ සිර දඬුවමක්

11/3/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 4වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:04:49

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: Housing Australia Future Fund යෝජනා ක්‍රමය ජාතික විගණනයකට

11/3/2025
මාස 9ක ෆෙඩරල් විගණනයක් දියත් කිරීමත් සමඟ Housing Australia Future Fund වැඩසටහනට විශාල වශයෙන් දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතිනවා. ඩොලර් බිලියන 10ක මෙම යෝජනා ක්‍රමය ඇරඹුණේ ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් විපක්ෂ සන්ධානය කියා සිටින්නේ එය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරමින් පමණට වඩා දේපළවලට මුදල් ගෙවා ඇති බවයි. මෙම යෝජනා ක්‍රමය ප්‍රතිඵල අත් කරදීම සඳහා වැඩි කාලයක් ගන්නා බවත්, ලාබදායී නිවාස ක්‍රමයකට වඩා නිවාස වෙළඳපොළ හා සබැඳි ඉහළ කුලී පිරිවැයකට මෙය සැකසී ඇති බවටත් මත පළ වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

Duration:00:07:29