
SBS Sinhala
SBS (Australia)
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Location:
Sydney, NSW
Networks:
SBS (Australia)
Description:
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Language:
Sinhala
Contact:
SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828
Episodes
ශ්‍රී ලංකාවෙන් එපිට පළමු වරට නිදහස් දිනය ගත කළ ANU ශ්‍රී ලාංකික සිසු සංසදයේ සභාපතිනිය, පහන්දි සිල්වා
2/5/2026
ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සිය 78වන නිදහස් දිනය සැමරුවා. ඊට සමගාමීව ඕස්ට්‍රේලියාවෙන් එපිට නිදහස් දිනය පළමු වරට ගත කළ ශිෂ්‍යයාවක වන පහන්දි සිල්වා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමඟ බෙදාගත්තා. විවිධ සංස්කෘතිකාංග බහුසංස්කෘතික සමාජයක් තුළ සැමරීම පිළිබඳව ද ඇය සිය අදහස් පළ කළා.
Duration:00:05:29
අපේ වහරේ කතා අහුරක්: කොළඹ ඉඳන් දවස් ගණන් පරංගින්ව කෝට්ටේ එක්කන් ගිය හැටි
2/4/2026
අපේ පැරැණ්නෝ දවස් ගාණක් කොළඹ ඉදලා කොට්ටේ ට පරංගි එක්කන් ගිහින් මේ අවුරුද්දට අවුරුදු 424 ක් විතර වෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් අද කියන්නේ පරංගි ගිය ඒ කෝට්ටේ ගමන ගැන.
Duration:00:05:17
ලොව වටා: Air India සේවය Boeing 787 ගුවන් යානා පරීක්ෂා කරද්දී, Melania Trumpගේ ජීවිතය ගැන චිත්‍රපටියක් එලියට
2/4/2026
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Duration:00:08:15
SBS සිංහල පුවත්: Capital Gains Tax ක්‍රමයට අදාළ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්‍යවරිය කියයි
2/4/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 05වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Duration:00:04:42
කාලීන විග්‍රහය: සමාජ මාධ්‍ය නොමැතිව නිවාඩුව ගත කළ ඕස්ට්‍රේලියානු පාසල් දරුවෝ
2/4/2026
පසුගිය දෙසැම්බර් 10වන දා සිට ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට සමාජ මාධ්‍ය තහනම් වූ බව ඔබ දන්නවා. මෙවැනි තහනමක් පැන වූ පළමූ රට ඕස්ට්‍රේලියාවයි. නව නීතිය බලාත්මක කර මාසයකට වැඩි කාලයක් ගත වෙලා. එහි ඵලදායිතාව පිළිබඳ රජය, සමාජ මාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ තරුණ ප්‍රජාව අතර විවිධ මත තිබෙනවා. ඉතින් සමාජ මාධ්‍යයන්ගෙන් ඈත් වෙලා පාසල් නිවාඩු කාලයේ ඕස්ට්‍රේලියාවේ දරුවන් තමන්ගේ අමතර කාලය ගත කළේ කොහොම ද? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Duration:00:06:40
නිවාස ණය පොලි අනුපාත ඉහල යාම මේ වසරේ නැවතත් සිදුවිය හැකි බවට විශේෂඥයින් මත පල කරයි
2/4/2026
වසර දෙකකට පසුව ඕස්ට්‍රේලියානු මහබැංකුව ඕස්ට්‍රේලියාවේ පොලි අනුපාත ඉහල දමන්න කටයුතු කළා. ඒ අනුව 3.6%ක පැවති පොලී අනුපාතය 3.85%දක්වා ඉහල දමා තිබෙනවා. මේ ඉහල යාම ඍජුවම නිවාස ණය පොලී ඉහල යාමට බලපානු ඇති බවට මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පොලි අනුපාත ඉහල යන චක්‍රයක් ආරම්භ වූ විට අනුපාත ඉහල යාම් කිහිපයක් සඳහාම එය බලපාන බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
Duration:00:08:12
SBS සිංහල පුවත්: පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ
2/3/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Duration:00:05:42
1948 ලංකාව ඉංග්‍රීසින්ගෙන් නිදහස් කරගන්න, අභීත හෙළයින් කළ නිදහස් අරගලයේ ඉතිහාසය
2/3/2026
ශ්‍රී ලංකාවේ 78 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් ලක්දිව නිදහස සොයා ගිය ඉතිහාස ගමනේ අමරණීය මංසලකුණු ගැන SBS සිංහල සේවයේ මතක සැමරුම.
Duration:00:13:15
ඕස්ට්‍රේලියානු මහ බැංකුව වසර දෙකකට පසු පොලී අනුපාතය සියයට 3.85 දක්වා වැඩි කරයි
2/3/2026
ඩොලර් 600,000 ක ණයක් සහිත හිමිකරු-පදිංචිකරු වන නිවාසයක අවම මාසික ණය වාරිකය ඒ අනුව ඩොලර් 90 කින් වැඩි වනු ඇතැයි පුරෝකතනය කෙරේ.
Duration:00:02:46
නීති පිළිසරණ: දික්කසාද නීතිය - ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න ඔප්පු කරන්න ඕන එකම හේතුව දන්නවා ද?
2/2/2026
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පළමු කොටසයි.
Duration:00:05:56
තවමත් එන්නතක් නැති නිසා මාරාන්තික විය හැකි, Nipah වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔබ දැන සිටියම යුතු දේ මෙන්න
2/2/2026
මේ දිනවල වල ඉන්දියාවෙන් මාරාන්තික වෛරසයක් හඳුනාගෙන තිබෙන අතර එය Nipah වෛරසය ලෙස හැඳින්. මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් විශාල අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංචාරය කරන පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
Duration:00:09:19
SBS සිංහල පුවත්: පොලී අනුපාත ගැන තීරණය කෙරෙන ඕස්ට්‍රේලියානු මහබැංකුවේ රැස්වීම අද
2/2/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Duration:00:04:36
කාලීන විග්‍රහය: 'Child support' දීමනා ලබා දීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව ඔම්බුඩ්ස්මන්වරයා කියයි
2/2/2026
ළමුන් රැකබලා ගැනීම් වෙනුවෙන් ගෙවන Child Support දීමනා ගෙවීමේදී යම් අක්‍රමිකතා සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. Services ඔස්ට්‍රේලියා ආයතනය නීතියට පිටින් යමින් වසර හයක් පුරාවට නීති ප්‍රකාරව ළමුන් රැකබලාගන්නා ඇතැම් දෙමාපියන්ට ලැබිය යුතු දීමනා ගෙවීම් පහර ඇති බවට ඔම්බුඩ්ස්මන්වරයා සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Duration:00:08:08
ඔස්ට්‍රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න
2/2/2026
1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්‍ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉතාමත් ආසන්නයෙන් සිටිනවා. ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන 2.2ක අගයක් ගන්නවා. මේ කාරණය සම්බන්ධයෙන් KPMG ආයතනය නිකුත් කල වාර්තාවකින් තොරතුරු හෙළිවෙලා තියෙනවා. මේ වාර්තාව සඳහා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණය කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව තුල විවිධ පරම්පාරා අතරේ ධනය බෙදිලා ගිහින් තියෙන ආකාරය ගැනයි මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එන්නේ.
Duration:00:06:24
ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ ATAR ඉහළ සාමාර්ථයකින් සමත් නොවුණොත් මොකද කරන්නෙ?
2/1/2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය මාලා නවීකරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මේ දින වල කතාබහ වන පසුබිමක ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක පාසල් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ කරුණු සොයා බැලීමට SBS සිංහල සේවය කටයුතු කළා. මේ ඒ පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ පාඨශාලාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සහන් ප්‍රනාන්දු මහතා සමඟ අප පැවැත්වූ සාකච්ඡාව.
Duration:00:09:01
මව්බිමෙන් පුවත්: ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවයි / අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ අවධානය
2/1/2026
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Duration:00:07:30
SBS සිංහල පුවත්: පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සහන මිලට ඖෂධ
2/1/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Duration:00:04:57
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 26 - ජන 30
1/30/2026
ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
Duration:00:06:55
තරුෂි එක්ක තරු කතා: සිංහල සිනමාවේ අනාගතය කොයිබට ද?
1/29/2026
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
Duration:00:09:32
ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකාව 19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග දෙකම ජය ගනී
1/29/2026
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:08:42